“14 වන පස් අවුරුදු සැලැස්ම ගුණත්මක ව සම්පූර්ණ කිරීම” යන මැයෙන් යුත් මාධ්‍ය හමුවක් පැවැත්වේ. එය අද(18) සවස චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය විසින් පවත්වන ලද අතර, මෙම කාලය තුළ අදාළ ජයග්‍රහණ චීන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන ලදි.
“14 වන පස් අවුරුදු සැලැස්ම්” සමය තුළ, චීනය විද්‍යා හා තාක්ෂණය සඳහා කළ ආයෝජනය අඛණ්ඩව වැඩි වූ අතර, එය යුරෝපා සංගමයේ රටවල සාමාන්‍ය මට්ටම ඉක්මවා ගොස් තිබේ. චීනයේ පර්යේෂණ සහ සංවර්ධන සේවක සංඛ්‍යාව ලෝකයේ පළමුවැනි ස්ථානය ගෙන ඇත.
එසේම උසස් මට්ටමේ ජාත්‍යන්තර ශාස්ත්‍රානුකූල නිබන්ධන සහ ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර අයදුම්පත් සංඛ්‍යාව වසර පහක් අඛණ්ඩව ලොව පළමු ස්ථානයට පත්ව ඇතැයි ද එහිදී හෙළිවිය.