Ismail Omar Guelleh මහතා ජිබුටි රාජ්‍යයේ ජනපති ධුරයට යළි තේරී පත්වීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(17) සුබ පැතුම් පිරිනමා ඇත.
චීනය සහ ජිබුටි රාජ්‍යය අතර ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතී. මෑත වසරවලදී, අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු වීමත් සමග දෙරට අතර ප්‍රායෝගික සහයෝගීතාවය ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇතැයි ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. Ismail Omar Guelleh ජනාධිපතිවරයා දිගු කලක් පුරා චීන-ජිබුටි මිත්‍රත්වය සහ විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමෙහි නියැළී සිටින අතර මේ පිළිබඳව බෙහෙවින් අගය කරන බව ඔහු කීය. චීන-ජිබුටි සබඳතා වර්ධනයට තමා විශාල වැදගත්කමක් ලබා දෙන අතර, මූලික අයිතීන් සහ වැදගත් ගැටළු සම්බන්ධයෙන් එකිනෙකාට ස්ථිරව සහයෝගය දැක්වීමට Ismail Omar Guelleh මහතා සමග එක්ව උත්සාහ කිරීමට කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපතිවරයා පවසා ඇත. මේ අතර චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ බෙයිජිං සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාත්මක කරමින් චීන-ජිබුටි විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ අර්ථය අඛණ්ඩව පොහොසත් කරමින් දෙරටේ ජනතාවට වඩාත් වැඩි සුබසෙත හිමිකර දීමට අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයෙන් අවධාරණය කර ඇත.

