32.8 C
Colombo
Wednesday, April 15, 2026

2026 ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනය පහළට — ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ(14) නවතම ලෝක ආර්ථික දැක්ම පිළිබඳ වාර්තාව නිකුත් කරමින්, මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සඳහා වූ පුරෝකථනය 0.2% කින් පහත හෙලීය. ඒ අනුව එය 3.1% ක් වේ. ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන පහත හෙලීම සඳහා ප්‍රධාන වශයෙන් මැදපෙරදිග ගැටුම හේතු වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.

එම වාර්තාවට අනුව, මැදපෙරදිග ගැටුමේ බලපෑම වසර මැද භාගය වන විට පහව යාමත් සමග, ගෝලීය ආර්ථිකය මෙම වසරේ 3.1% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කෙරේ. මෙය ජනවාරි මාසයේ පුරෝකථනයෙන් 0.2%ක පහළ යාමක් වන අතර, ගෝලීය උද්ධමනය 4.4% දක්වා වනු ඇතැයි සඳහන් වේ. යුදමය තත්ත්වය සහ ඉහළ තෙල් මිල ගණන් දිගු කාලයක් පැවතුනහොත්, මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 2.5% දක්වා පහත වැටෙනු ඇති අතර, ගෝලීය උද්ධමනය 5.4% දක්වා ඉහළ යනු ඇති බව වාර්තා කරයි. ආන්තික තත්ත්වයක් තුළ, මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 2% දක්වා පහත වැටිය හැකි බව ද එම වාර්තාවේ සඳහන් වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here