චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි ඔටුන්න හිමි Khaled bin Mohamed Al Nahyan කුමරු හමු වේ. අද (14) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී හමුව සිදුවිය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ එක්ව වඩාත් ශක්තිමත් සහ ගතික විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් ගොඩනැගීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.
මැද පෙරදිග සහ ගල්ෆ් කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද දෙපාර්ශ්වය එහිදී අදහස් හුවමාරු කර ගත්හ.
මැද පෙරදිග සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ෂී ජින්පිං මහතා සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළේය: පළමුව, මැද පෙරදිග ගල්ෆ් රටවල් අතර සබඳතා වැඩිදියුණු කිරීමට සහාය විය යුතුය. දෙවනුව, ගල්ෆ් රටවල ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවට සැබවින්ම ගරු කළ යුතුය. තෙවනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි හරය වන ජාත්‍යන්තර පද්ධතිය, ජාත්‍යන්තර නීතිය මත පදනම් වන ජාත්‍යන්තර පිළිවෙල සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම මත පදනම් වන ජාත්‍යන්තර සබඳතාවන්හී මූලික මූලධර්මයන් දැඩි ලෙස ආරක්ෂා කළ යුතුය. සිව්වනුව, ගල්ෆ් රටවල සංවර්ධනය සඳහා සියලු පාර්ශ්ව හිතකර පරිසරයක් නිර්මාණය කළ යුතු අතර, ඊට ධනාත්මක ශක්තියක් එකතු කළ යුතුය.
චීනය සමඟ සබඳතාව කෙරෙහි එක්සත් අරාබි එමීර් රාජ්‍යය විශාල වැදගත්කමක් දක්වන බව Khaled bin Mohamed Al Nahyan කුමරු එම හමුවේදී පැවසීය. මැද පෙරදිග ගැටලුව දේශපාලනිකව විසඳීමට චීනය දරන ධනාත්මක උත්සාහයන් එහිදී ඔහුගේ ඇගයීමට ලක්විය. කලාපීය සාමය සහ ස්ථාවරත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර නැව් ප්‍රවාහන ආරක්ෂාව සහතික කිරීම සඳහා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය චීනය සමඟ සමීප සන්නිවේදනයන් අඛණ්ඩව පවත්වා ගනු ඇතැයි ඔහු පැවසීය.

