චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති To Lam මහතා සමග සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡාව අද(15) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.
වියට්නාමයේ ජනාධිපතිවරයා ලෙස යළි තේරී පත් වූ To Lam මහතාට ෂී ජින්පිං මහතා එහිදී නැවතත් සුබ පැතුම් පිරිනැමීය. To Lam මහතා, තේරී පත්වී කෙටි කළකින් පසුව සිදු කරන මෙම චීන සංචාරය දෙරටේ සබඳතාව වර්ධනය කිරීම කෙරෙහි දක්වන සැලකිල්ල පෙන්නුම් කරන බව ෂී ජින්පිං මහතා කීය.
ජාත්‍යන්තර තත්ත්වයේ වෙනස්කම් නොසලකා, චීනය සැමවිටම එහි අසල්වැසි රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී වියට්නාමයට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත. නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා දෙපාර්ශ්වයට එක්ව කටයුතු කළ හැකිය. සංවර්ධන උපාය මාර්ග සම්බන්ධ කිරීම කඩිනම් කරමින් යටිතල පහසුකම් අතර සම්බන්ධතා ඉදිරියට ගෙන යාමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ද ෂී ජින්පිං මහතා කීය. කෘත්‍රිම බුද්ධිය, අර්ධ සන්නායක සහ අන්තර් ජාල අංග වැනි නව ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම ද වැදගත්ය. වඩාත් වැඩි ඉහල ගුණාත්මක වියට්නාම නිෂ්පාදිතයන් චීන වෙළඳපොළට පිවිසීම පිළිගැනේ. දෙපාර්ශ්වය අතර සංචාරක, සංස්කෘතික, මාධ්‍ය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල මිත්‍රශීලී හුවමාරු සහ සහයෝගීතාව අඛණ්ඩව පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. To Lam මහතා සමග 2026-2027 “චීන-වියට්නාම සංචාරක සහයෝගීතා වර්ෂය” ප්‍රකාශයට පත් කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය.

