25 C
Colombo
Sunday, October 5, 2025

ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ වැදගත් මාර්ගෝපදේශ ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සර සැමරුමේ දී චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතාගේ උපදෙස් පරිදි,මධ්‍යම කාරක සභාවේ විවිධ නියෝජිත පිරිස් ඊයේ (27) තවදුරටත් ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ ස්ථාන රැසකට ගොස්,විවිධ ජනවාර්ගික නිලධාරීන් හා ජනතාවගේ සුව දුක් විමසමින් ඔවුන් සමග සුහද පිළිසඳරක නිරත වීමට කටයුතු කළහ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්ත කමිටුව සහ එහි රාජ්‍ය කාරක වාර්තාවන්ට සවන් දුන් මහලේකම් ෂී ජින් පිං මහතාගේ වැදගත් මාර්ගෝපදේශයන්හි හරය අධ්‍යයනය කර ඒවා ක්‍රියාත්මක කළ යුතු බවත් ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ චීන මාදිලියේ නවීකරණය පිළිබඳ පරිච්ඡේදයක් ලිවීමත් සිදු කළ යුතු බවත් එහිදී නියෝජිත පිරිස් අවධාරණය කළහ.

මේ අතර, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික,චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති Wang Huning මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක්, එහි Altay කලාපයේ Burqin ‍කෝරළය නිරීක්ෂණයට ද එක් විය. එහිදී ඔහු දේශසීමා මායිම් ප්‍රදේශයන් හි ආරක්ෂාව තහවුරු කිරීම, ග්‍රාමීය සංචාරක ව්‍යාපාරය,පාරිසරික ආරක්ෂාව යනාදිය පිළිබඳව අවබෝධ කර ගත් අතර, බිම් මට්ටමේ පොලිස් නිලධාරීන්ගේ සහ ගම්වැසියන්ගේ සුව දුක් විමසා බැලීය. දේශසීමා මායිම් ප්‍රදේශ ආරක්ෂාව සහතික කිරීම වැදගත් කාර්යයක් ලෙස ගත යුතු බවත්, සියලු ජනවාර්ගික කණ්ඩායම්වල ජනතාවට දේශසීමා ප්‍රදේශවල මුල් බැස ගැනීමට මෙන්ම එම ප්‍රදේශ ගොඩනැගීමට සහ ආරක්ෂා කිරීමට යහපත් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා එම කටයුතු නිවැරදිව කළ යුතු බවත් ඔහු පැවසීය.

ප්‍රාදේශීය ග්‍රාමීය සංචාරක ව්‍යාපාරයේ සහ එහි ජන සංස්කෘතියේ දියුණුව පිළිබඳ කළ හැඳින්වීමකට ද Wang Huning මහතා එහිදී සවන් දුන්නේය. ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ පොහොසත් සංස්කෘතික හා සංචාරක සම්පත් ඇති බවත්, එහි අද්විතීය සංස්කෘතිය සහ සංචාරක සම්පත් ගැඹුරු ලෙස ඒකාබද්ධ කිරීම ප්‍රවර්ධනය කළ යුතු අතර සංචාරක යටිතල පහසුකම්වල සේවා සහතික කිරීමේ හැකියාවන් වැඩි දියුණු කළ යුතු බවත් ඔහු පැවසීය.

Kanas ස්වභාව රක්ෂිතයේ පාරිසරික ආරක්ෂණ කටයුතු පරීක්ෂා කරමින් Wang Huning මහතා පැවසුවේ මෑත වසරවලදී ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ ජෛව පරිසරය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති බවයි. ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ “පිරිසිදු ජලය සහ සශ්‍රීක කඳු යනු මිල කළ නොහැකි සම්පත් වේ” යන සංකල්පය ස්ථිරව තහවුරු කළ යුතු බවත්,පාරිසරික ප්‍රමුඛතාවය සහ හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බවත්, උසස් තත්ත්වයේ සංවර්ධනයකට ගුණාත්මක ජෛව පරිසරයක් මගින් සහාය විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here