25 C
Colombo
Sunday, October 5, 2025

ජෛව ගෝල සුරැකුම් රක්ෂිත ගොඩනැංවීම ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව චීන උප අගමැති පෙන්වා දෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජෛව ගෝල සුරැකුම් රක්ෂිත ගොඩනැංවීම ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව චීන උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා පෙන්වා දෙයි. එමඟින් මානව වර්ගයා සහ ස්වභාවධර්මය අතර සහජීවනය ප්‍රවර්ධනය කරමින් ආර්ථික හා පරිසරය අතර සහසම්බන්ධය ප්‍රවර්ධනය කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

5වන ලෝක ජෛව ගෝල සුරුකුම් රක්ෂිත සමුළුවේ ආරම්භක උත්සවය චීනයේ හන්චෝ නගරයේ දී අමතමින් හෙතෙම මේ බව පැවසීය.

චීන ජෛව සුරැකුම් හා හරිත සංවර්ධනයේ කැපී පෙනෙන ජය්‍රගහණ ලබා‍ ගෙන ඇතැයි ද චීන උප අගමැතිවරයා කීය. ස්වකීය ජෛව සංරක්ෂණය ශක්තිමත් කරන අතරම චීනය ගෝලීය පරිසර හා දේශගුණ පාලන ක්‍රියාකාරීත්වයන් වෙනුවෙන් සක්‍රීයව සහභාගී වී ඇතැයි ද Ding Xuexiang මහතා පෙන්වා දෙයි. පිරිසිඳු දැකුම්කළු ලෝකයක් වෙනුවෙන් චීනය සිය ඥානය දායක කර ඇතැයිද හෙතෙම පැවසීය. පරිසර සුරැකුම් ගෝලීය සහයෝගතා ශක්තිමත් කිරීම වෙනුවෙන් හෙතෙම නිර්දේශ 4ක් ද එහිදී ඉදිරිපත් කළේය.

යු‍නෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ආරම්භක උත්සවය අමතමින් ජෛව හා පරිසර සංර‍ක්ෂණයේ දී චීනය ලබා ඇති ජයග්‍රහණ ඉහළින් අගය කළාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here