චීන ව්‍යවසායන් NVIDIA චිප ආනයනය නතර කිරීම සම්බන්ධයෙන් අද (18) චීන විදේශ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රකාශක Lin Jian මහතා ප්‍රතිචාර දැක්වීය. විදේශ මාධ්‍ය වාර්තාවකට අනුව, NVIDIA RTX Pro 6000D චිප මිලදී ගැනීම සඳහා කළ ඇණවුම් චීන ව්‍යවසායන් විසින් නතර කර තිබේ. මේ පිළිබඳව ඉතා කණගාටුවන බව NVIDIA සමාගමේ ප්‍රධාන විධායක ආධ්‍යක්ෂ ජනරාල් Jensen Huang පවසා ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Lin Jian මහතා ප්‍රකාශ කළේ ආර්ථික වෙළඳ හා තාක්ෂණ ප්‍රශ්න මත නිශ්චිත රටවල් කෙරෙහි වෙනස් කොට සැලකීමේ ක්‍රියාවට චීනය සැමවිටම විරෝධය පළ කරන බවයි. ඒ ඒ පාර්ශ්වයන් සමග සංවාද හා සහයෝගිතා පවත්වා ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයන්හි ස්ථාවරත්වය සහතික කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා ප්‍රකාශ කළේය.