26.1 C
Colombo
Thursday, February 26, 2026

ගාසා තීරයට ප්‍රවේශවන “ජාත්‍යන්තර හමුදාවේ” සංයුතිය තීරණය කිරීමේ බලය ඊශ්‍රායලය සතු බව එරට අගමැති කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ගාසා තීරයට යෙදවීමට නියමිත “ජාත්‍යන්තර හමුදාව” සම්බන්ධ අන්තර්ගතයන්හී තීරක බලය ඊශ්‍රායලය සතු බව ඊශ්‍රායල අගමැති ‍බෙන්ජමින් නෙතනියාහු එරට කැබිනට් රැස්වීමකදී ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව, ගාසා තීරයේ තාවකාලික ජාත්‍යන්තර ආරක්ෂක හමුදාවක්  ස්ථාන ගත කිරීම සඳහා ඇමරිකාව, අරාබි රටවල් ඇතුළු ජගත් හවුල්කරුවන් සමඟ ඒකාබද්ධව ක්‍රියා කිරීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් නෙතනියාහු ප්‍රකාශ කර ඇත්තේ, ඇමරිකාව සහ ඊශ්‍රායලය ස්වෛරී මෙන්ම ස්වාධීන රටවල් දෙකක් බවයි. “එක් රටක් අනෙකා පාලනය නොකිරීම හෝ අනෙකාගේ ආරක්ෂක ප්‍රතිපත්තියට බලපෑමක් සිදු නොකිරීම” යන ස්ථාවරය අනුගමනය කළ යුතු බවද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. ඊශ්‍රායලයේ ආරක්ෂක ප්‍රතිපත්තියට අනුව තම රටට එල්ල කරන කවරහෝ ප්‍රහාරයක් ඉවසා සිටීමට ඊශ්‍රායලය සූදානම් නොමැති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here