ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් සාම සමුළුවක් පසුගිය 26වැනිදා බෙයිජිංහිදී පැවැත්විණ.
‘ඉතිහාසය අමතක නොකර සාමය පොදුවේ ආරක්ෂා කිරීම’ යන මැයෙන් පැවති මෙම සමුළුවට රටවල් 60 කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයෝ 150කට වැඩි දෙනෙක් සහභාගි වූහ.මෙම සමුළුව අතරතුර, විවිධ රටවල නියෝජිතයෝ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය පිළිබඳ ප්‍රදර්ශන ශාලාවේ පැවති ප්‍රදර්ශන කිහිපයක් නැරඹීමට එක් වූ අතර, ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද අනුස්මරණ ශාලාවේ පැවති “ජාතික විමුක්තිය සහ ලෝක සාමය ” යන තේමාවෙන් පැවති ප්‍රදර්ශනය ද නැරඹූහ.මෙම ප්‍රදර්ශන මගින් චීන ජනතාවගේ එකමුතුකම සහ ශක්තිය වඩාත් ගැඹුරින් අවබෝධ කර ගත හැකි බවත්, චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම ජනතාව ප්‍රමුඛස්ථානයේ තැබීම ඉතා ප්‍රශංසනීය බව මෙම ක්‍රියාකාරකමට එක්වූ ශ්‍රී ලංකාවේ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සහ හිටපු නාවික මාණ්ඩලික ප්‍රධානී සරත් වීරසේකර මහතා පැවසීය.ගෝලීය වශයෙන් දැවැන්ත රටක් ලෙස, චීනය සෑම ක්ෂේත්‍රයකම වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතර, කිසි විටෙකත් කිසිදු ආධිපත්‍යයක් පෙන්නුම් කර නොමැති බව සර්බියාවේ බෙල්ග්‍රේඩ් හි සමාන ලෝක සංසදයේ සාමාජිකයෙකු සහ දේශපාලන හා හමුදා විචාරකයෙකු වන Dragoljub Bosnić මහතා ද සඳහන් කර ඇත.