චීන මාධ්‍ය සමූහය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපය අතර සහයෝගීතාව ගැඹුරු කිරීමේ උත්සවය අද (29) හොංකොං හිදී පැවැත්විණ. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක Lee Ka-chiu මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා මෙම උත්සවයේ දී දේශන පැවැත්වූහ.එකම රට ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තියේ ස්ථාවර හා දිගුකාලීන බව ප්‍රවර්ධනය සඳහා නවෝත්පාදනයන් මෙන්ම නව පරිච්ඡේදයක් විවෘත කිරීම සඳහා හොංකොං හි විවිධ ක්ෂේත්‍රවල මිතුරන් සමඟ කටයුතු කිරීමට චීන මාධ්‍ය සමූහය කැමැත්තෙන් සිටින බව Shen Haixiong මහතා පැවසීය.එම උත්සවයේ දී, දෙපාර්ශ්වයේ නියෝජිතයෝ “15 වන චීන ජාතික ක්‍රීඩා උළෙලේ මෙන්ම පැරාලිම්පික් සහ විශේෂ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හොංකොං තරඟ කලාපයේ ප්‍රධාන විකාශන සංවිධානය සඳහා සේවා ගිවිසුම” හුවමාරු කර ගත්හ. එම ගිවිසුමට අනුව,ඉහත ක්‍රීඩා උළෙලේ හොංකොං තරඟ කලාපයේ ප්‍රධාන විකාශනය චීන මාධ්‍ය සමූහය විසින් සිදු කරනු ඇත.