“තායිවාන බෙදුම්වාදීන්”හා ඔවුන්ගේ ඥාතීන්ට චීනය මහ ගොඩබිම තුළ ආයෝජන හා ව්‍යාපාරික කටයුතු සිදු කිරීම තහනම් කෙරේ.
චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා ඊයේ(6) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
“තායිවාන බෙදුම්වාදීන්”චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය හා ස්ථාවරත්වය විනාශ කරන අතරම තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සියලු ජනතාවගේ අයිතිවාසිකම්වලට ද හානි සිදු කර ඇත. “තායිවාන බෙදුම්වාදීන්”හා ඔවුන්ගේ ඥාතීන්ට චීනයේ මහ ගොඩබිම තුළ ආයෝජන හා ව්‍යාපාරික කටයුතු කරමින් ලාභ ඉපයීමට කිසිසෙත් අවසර නොදෙන බව Chen Binhua මහතා ප්‍රකාශ කළේය.
එය“තායිවාන බෙදුම්වාදීන්”සුළු පිරිසක් පමණක් වෙත ක්‍රියාත්මක කරන පියවරකි. එය චීනයේ තායිවාන ප්‍රදේශයේ පුරවැසියන්ට හා ව්‍යවසායන් වෙත ක්‍රියාත්මක නොකරන බවත් ඔවුන් මව් රටේ මහ ගොඩබිමේ ව්‍යාපාරික කටයුතු කරමින් චීන මාදිලියේ නවීකරණයේ අවස්ථා හා ජයග්‍රහණ හිමිකර ගැනීමට අනුබල දෙන බවත් චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයා පැවසීය.

