27.2 C
Colombo
Thursday, June 4, 2026

චීනයේ ග්‍රාමීය ජල සැපයුම් ආරක්ෂාවේ සු‍විශේෂ වර්ධනයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

14 වන පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වීමේ සිට, චීනයේ ග්‍රාමීය ප්‍රදේශයේ ජල සැපයුම් ආරක්ෂාව කැපී පෙනෙන ලෙස වැඩිදියුණු වී ඇති බවත් සැලැස්මේ ඉලක්ක නියමිත කාලයට වසර දෙකකට පෙර සාක්ෂාත් කර ගෙන ඇති බවත් චීන ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

2025 වසර අවසානය වන විට, ර‍ටේ ග්‍රාමීය ප්‍රදේශයේ නළ ජල ආවරණ අනුපාතය 96% දක්වා ළඟා වූ අතර, මහා පරිමාණ ජල සැපයුම් ව්‍යාපෘති ග්‍රාමීය ජනගහනයෙන් 71% ක් ආවරණය කර ඇත.

2025 වසර‍ අවසානයේ දී රට පුරා ග්‍රාමීය ජල සැපයුම් ව්‍යාපෘති මිලියන 3.816ක් පවතින අතර, ග්‍රාමීය ජනතාව මිලියන 850ක් ආවරණය වන ජල සැපයුම් ආරක්ෂක ජාලයක් ගොඩනංවා තිබේ. දුරස්ථ කඳුකර ප්‍රදේශ සහ ජල හිඟයක් ඇති ප්‍රදේශ ක්‍රමයෙන් නළ ජලයට ප්‍රවේශය ලබා ගෙන ඇති බව ද වාර්තා ‍වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here