චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය ඊයේ (28) සවස, ආපදා වැළැක්වීම, අවම කිරීම සහ සහන හැකියාවන් වැඩිදියුණු කිරීම පිළිබඳ 25 වන සාමූහික අධ්‍යයන සැසිය පැවැත්වීය.
එහිදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේ, ඉහළ ගුණත්මකභාවයෙන් යුතු සංවර්ධනය සහ ඉහළ මට්ටමේ ආරක්ෂාව සම්බන්ධීකරණය කිරීමේ උපායමාර්ගික දෘෂ්ටිකෝණයකින්, ආපදා වැළැක්වීම, අවම කිරීම සහ සහන සැලසීම සඳහා යහපත් කාර්යභාරයක් කිරීමේ වැදගත්කම සම්පූර්ණයෙන් අවබෝධ කර ගත යුතු බවයි. ස්වාභාවික විපත් වැළැක්වීමේ සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීමට උත්සාහ කිරීමෙන්, ජනතාවගේ ජීවිත හා දේපළ ඵලදායී ලෙස ආරක්ෂා කළ යුතු බව හෙතෙම සඳහන් කළේ ය.
ආපදා අවදානම අඩු කිරීම සහ ආපදා පාඩු අවම කිරීම, ආපදා වැළැක්වීමේ පූර්ව ක්‍රියාමාර්ග මත රඳා පවතින බව ෂී ජින් පිං මහතා මෙහිදී අවධාරණය කළේ ය. ප්‍රධාන ව්‍යසනයන්ට ප්‍රතිචාර දැක්වීමට සහ ඒවා නිසි ලෙස හැසිරවීමට අපගේ හැකියාව අඛණ්ඩව වැඩිදියුණු කළ යුතු ය. එසේම ස්වාභාවික විපත් සඳහා ප්‍රතිචාර දැක්වීමට තාක්ෂණික සහාය සහ නීතිමය ආරක්ෂණ ක්‍රම ශක්තිමත් කළ යුතු බවත් හෙතෙම එහිදී කියා සිටියේ ය. ස්වාභාවික විපත් සඳහා ඔරොත්තු දීමේ ක්‍රියාවලිය තුළ වැඩි අවධානය යොමු විය යුත්තේ ඊට සෘජුවම මුහුණ දෙන බිම් මට්ටමේ ජනතාව වෙතයි. එබැවින් ආපදා වැළැක්වීම, අවම කිරීම සහ සහන සැලසීම සඳහා වන වගකීම් ක්‍රියාත්මක කිරීම, ඉතා උනන්දුවෙන් සහතික කළ යුතු බව චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

