29.5 C
Colombo
Friday, June 5, 2026

ශැංහයි සහයෝගිතා සංවිධානයේ හරිත හා තිරසර සංවර්ධන සංසදය වෙත චීන ජනපතිගෙන් සුබ පැතුම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශැංහයි සහයෝගිතා සංවිධානයේ හරිත හා තිරසර සංවර්ධන සංසදය වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි.

“නිර්මල ජලයත්,සරුසාර කඳුකරයත්, රන් සහ රිදී කඳු මෙන් වටිනා අමිල සම්පත් වේ” යන සංකල්පය චීනය අනුගමනය කරන බව ෂී ජින් පිං මහතා එමගින් පෙන්වා දුන්නේය. චීනය ජෛව පරිසරය සහ හරිත සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දීමේ මාවතට දැඩි ලෙස කැපවී සිටින බවත්, ගෝලීය පාරිසරික ශිෂ්ටාචාර ගොඩනැගීමේ සහභාගිවන්නෙකු,දායකයෙකු සහ ප්‍රමුඛයෙකු බවත් ඔහු පැවසීය.

මෙම වසර ශැංහයි සහයෝගිතා සංවිධානය පිහිටුවීමේ 25 වන සංවත්සරය සහ චීනයේ “15 වන පස් අවුරුදු සැලැස්මේ” පළමු වසර සනිටුහන් කරන බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. ප්‍රතිපත්ති පෙළගැස්ම, අත්දැකීම් හුවමාරුව සහ ව්‍යාපෘති සහයෝගීතාව ශක්තිමත් කරමින් පිරිසිදු, සුන්දර සහ තිරසර ලෝකයක් ඒකාබද්ධව ගොඩනැගීම සඳහා චීනය විවිධ පාර්ශ්වයන් සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.

“ගෝලීය පාලන මුලපිරුම ක්‍රියාත්මක කිරීම සහ ශැංහයි සහයෝගිතා සංවිධානයේ හරිත හා තිරසර සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ මෙම සංසදය චීනයේ Zhejiang පළාතේ Ningbo නගරයේදී අද (29) ආරම්භ විය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here