26.2 C
Colombo
Thursday, October 29, 2026

මියන්මාරය සයිබර් අපරාධ මධ්‍යස්ථාන කිහිපයක් විනාශ කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පසුගිය 9 වැනිදා, මියන්මාර ආරක්ෂක හමුදා උතුරු ෂාන් ප්‍රාන්තයේ මොන්ගි ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් සිදු කළ බව මියන්මාර රාජ්‍ය පරිපාලන කවුන්සිලයේ ප්‍රවෘත්ති සහ තොරතුරු කණ්ඩායම ඊයේ(10) නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය. එම මෙහෙයුම්වලදී නැවත වරක් නිතීවිරෝධී ලෙස පවත්වා ගෙන ගිය සයිබර් අපරාධ මධ්‍යස්ථානයක් විනාශ කර, සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තාවලට අනුව, පෙබරවාරි 5 සිට 9 දක්වා මියන්මාර ආරක්ෂක හමුදා අදාළ ප්‍රදේශවල අඛණ්ඩ නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් දියත් කර ඇති අතර, සයිබර් අපරාධ සිදු කෙරෙන ස්ථාන කිහිපයක් විනාශ කර ඇත. එහිදී සයිබර් අපරාධ සහ මාර්ගගත වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 102 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නීතිවිරෝධී කටයුතු සඳහා භාවිත කළ උපකරණ විශාල ප්‍රමාණයක් ද එම ස්ථානවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here