එළඹෙන මැයි දින නිවාඩු සමය තුළ දෛනිකව චීනයේ දේශසීමා හරහා පුද්ගලයින් ගමන් කරනු ලබන වාර සංඛ්‍යාව ලක්ෂ 22.5ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉහළම දෛනික දේශසීමා හරහා පුද්ගල සංඛ්‍යාව ලක්ෂ 24 ඉක්මවනු ඇතැයි චීන ජාතික සංක්‍රමණික පාලන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මැයි දින නිවාඩු සමය තුළ චීනයට පැමිණීම සහ චීනයෙන් පිටවීම සඳහා වන සියළු මධ්‍යස්ථාන සහ දේශසීමා පරීක්ෂණ සහතික කිරීම සඳහා ජාතික සංක්‍රමණික පාලන දෙපාර්තමේන්තුව මෑතකදී විශේෂ විධිවිධාන ද සකස් කර තිබේ.
ඒ අනුව සංචාරකයන් චීනයට පැමිණීම සහ චීනයෙන් පිටවීම පිළිබඳ ගමන් සැලසුම් සකස් කිරීම සඳහා පහසුකම් සැපයීමට, අදාළ තොරතුරු කාලෝචිත ලෙස නිකුත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව චීනය පුරා දේශසීමා පරීක්ෂණ ආයතනවලින් ඉල්ලා සිටී.
එමෙන්ම නිවාඩු සමය තුළ මගී ප්‍රවාහන කටයුතු ආරක්ෂිතව මෙහෙයවීම මනාව කළ යුතු බවද චීන ජාතික සංක්‍රමණික පාලන දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.

