Romuald Wadagni මහතා බෙනින් රාජ්‍යයේ ජනපති ධුරයට තේරී පත්වීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(24) සුබ පැතුම් පිරිනමා ඇත.
චීනය සහ බෙනින් රාජ්‍යය අතර ඇත්තේ සාම්ප්‍රදායික මිත්‍රත්වයකි. මෑත වසරවලදී, දෙපාර්ශ්වය අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව ගැඹුරු වූ අතර, එකිනෙකාගේ මූලික අයිතීන් සහ සැලකිල්ල යොමුවන ගැටළු සම්බන්ධයෙන් එකිනෙකාට ස්ථිරව සහයෝගය දක්වා ඇතැයි ද ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. විවිධ ක්ෂේත්රවල මිත්‍රශීලී සහයෝගීතාව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර, දෙරටේ ජනතාවගේ සුබසෙත ද ඵලදායී ලෙස වැඩි දියුණු වී තිබේ. චීන-බෙනින් සබඳතා වර්ධනයට තමා විශාල වැදගත්කමක් ලබා දෙන බව චීන ජනාධිපතිවරයා පවසයි. චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ බෙයිජිං සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාත්මක කරමින් චීන-බෙනින් උපායමාර්ගික හවුල්කාරිත්වය නව තලයකට නංවාලීම සඳහා Romuald Wadagni මහතා සමඟ එක්ව උත්සාහ දැරීමට තමා කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.

