29.5 C
Colombo
Friday, June 5, 2026

චීන වෘත්තීය සමිති සම්මේලනයෙන් මැයි දින ජාතික කම්කරු සම්මාන පිරිනැමේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය ජාතික මැයි දින කම්කරු සම්මාන පිරිනැමීමේ සමුළුවක් අද(28) පැවැත්වූ අතර, එහිදී මැයි දින ජාතික කම්කරු සම්මානලාභීන් 3024 දෙනෙකු ඇගයීමට පාත්‍ර විය. මැයි දින ජාතික කම්කරු සහතික 379ක්, මැයි දින ජාතික කම්කරු පදක්කම් 1462ක් සහ ජාතික කම්කරු පුරෝගාමී සම්මාන1183ක් ද ඊට ඇතුළත් විය.

මෙම වසරේ සම්මාන පිරිනැමීමේදී බිම් මට්ටමේ සේවකයින් කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, ආහාර බෙදා හැරීමේ නිරත සේවකයින් වැනි නව රැකියා ක්ෂේත්‍ර එහිදී විශේෂ තැනක් හිමි කර ගන්නා ලදි. එමෙන්ම නව බලශක්තිය සහ කෘත්‍රිම බුද්ධිය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහ කාර්යයන්හි කැපී පෙනෙන පුද්ගලයින්ට ද සම්මාන පිරිනැමීය. මෙම ඇගයීමේදී ජාතික ආර්ථික වර්ධන කර්මාන්තය පිළිබඳ අංශ 19 ක් ආවරණය කිරීම විශේෂත්වයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here