27.2 C
Colombo
Friday, June 5, 2026

චීන-ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරුන් දෙරට අතර 08 වන රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික සංවාදයට එක් වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික,විදේශ ඇමති Wang Yi මහතා ඊයේ (29) ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong මහත්මිය සමඟ බෙයිජිංහිදී අටවන චීන-ඔස්ට්‍රේලියානු රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික සංවාදය පැවැත්වීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මහතා සමග උපායමාර්ගික සාකච්ඡා පැවැත්වූ අතර, එමඟින් ද්විපාර්ශ්වික සබඳතා වෙත නව ජවයක් ලබා දුන් බව Wang Yi මහතා පැවසීය. එපෙක් සංවිධානයේ වාරික සභාපති රට ලෙස,ආසියා-පැසිෆික් ප්‍රජා ක්‍රියාවලිය පුනර්ජීවනය කිරීමට සහ වැඩිදියුණු කිරීමට ඔස්ට්‍රේලියාව ඇතුළු විවිධ පාර්ශ්වයන් සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය. එමෙන්ම, තායිවාන ගැටලුව සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පිළිබඳව ද Wang Yi මහතා මෙහිදී  විස්තර කළේය.

ඔස්ට්‍රේලියාව එකම චීනය යන ප්‍රතිපත්තියට අනුගත වන බවත්, “තායිවාන බෙදුම්වාදයට” සහාය නොදක්වන බවත්, තායිවාන ප්‍රශ්නය සාමකාමීව විසඳා ගත හැකි යැයි බලාපොරොත්තු වන බවත් Penny Wong මහත්මිය ප්‍රකාශ කළාය. ඔස්ට්‍රේලියානු සහ චීන ආර්ථිකයන් බෙහෙවින් අනුපූරක බවත්, වෙළඳාම සහ ආර්ථිකය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි සමීප සහයෝගීතාවය දෙපාර්ශ්වයේම පොදු අවශ්‍යතා සඳහා බවත් ඇය මෙහිදී වැඩිදුර‍ටත් පැවසුවාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here