27 C
Colombo
Thursday, October 29, 2026

චීනය Shijian-25 චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය සිය නවතම චන්ද්‍රිකාව වන Shijian-25, සාර්ථකව ගුවන්ගත කරයි.

චීනයේ ෂිඡං චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ Long March 3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන්, අද (7) අලුයම 04:00ට Shijian-25 චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරිණ. චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂයට ඇතුළු වීමත් සමඟ එය අභ්‍යවකාශගත කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක වී ඇති බව දැනුම් දී තිබේ.

අභ්‍යවකාශ චන්ද්‍රිකා සඳහා ඉන්ධන නැවත පිරවීම සහ ඒවායේ ආයු කාලය දීර්ඝ කිරීමේ සේවා තාක්ෂණයන් සත්‍යාපනය කිරීම වෙනුවෙන් මෙම Shijian-25 චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් යොදා ගැනීමට  නියමිතය.

මෙය Long March ප්‍රවාහක රොකට් යානාවන් හි 555 වන ගුවන් ගමන ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here