26.7 C
Colombo
Sunday, August 24, 2025

ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකා-චීන සබඳතා පිටුව සහ ඇමරිකා-චීන සබඳතා කරුණු ලැයිස්තුව සංශෝධනය කර තිබේ. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ ඇමරිකාවේ හැසිරීම ඊනියා චීන-ඇමරිකා උපායමාර්ගික තරඟය හුවා දක්වන බවයි. චීනය මේ පිළිබඳ දැඩි ලෙස අසතුටට පත්ව සිටින අතර ඊ‍ට දැඩි ලෙස විරුද්ධ ය.

චීනය සැමවිට ම, ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉදිරිපත් කළ අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය, සහයෝගීතා හා අන්‍යෝන්‍ය යහපත  යන මූලධර්ම තුනට අනුකූලව, ඇමරිකා-චීන සබඳතා දෙස සලකා බලමින් එම සම්බන්ධතා වර්ධනය වෙනුවෙන් කටයුතු කරයි. එසේම චීනය සිය ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා දැඩි ලෙස ආරක්ෂා කරන බවද, Guo Jiakun මහතා සඳහන් කළේ ය. ඇමරිකා පාර්ශ්වය සිය රටේ ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීම නැවැත්විය යුතු බවත්, චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බවත්, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here