28 C
Colombo
Sunday, August 24, 2025

පිලිපීන ගුවන් යානයක් චීන ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළු වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පිලිපීන C-208 වර්ගයේ ගුවන් යානයක් 18 වැනිදා චීන රජයේ අවසරයෙන් තොරව චීනයේ Huangyan දූපත ආශ්‍රිත ගුවන් කලාපයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ බව චීන ගුවන් හමුදාවේ දකුණු බලකායේ ප්‍රකාශක, ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ කර්නල් Tian Junli මහතා ප්‍රකාශ කරයි.

තම ක්‍රියාවන් පිළිබඳව පිලිපීනය අසත්‍ය කටකතා පතුරුවා හැරීමට කටයුතු කළ බව ද හෙතෙම පැවසීය.

චීන නීති සහ රෙගුලාසිවලට අනුකූලව පිලිපීන ගුවන් යානය ලුහුබැඳීමටනිරීක්ෂණය කිරීමටඅනතුරු ඇඟවීමට සහ පලවා හැරීමට චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු බලකායේ නාවික සහ ගුවන් හමුදා පියවර ගෙන ඇත. පිලිපීනයේ ක්‍රියාව චීනයේ ස්වෛරීභාවය මෙන්ම ජාත්‍යන්තර සහ චීන නීතිය බරපතල ලෙස උල්ලංඝනය කළ බව ද ඔහු සඳහන් කර ඇත.

Huangyan දූපත චීනයට ආවේණික භූමියක් වන බවත්, තම බලකාය දැඩි සීරුවෙන් සිටින අතර ජාතික ස්වෛරීභාවයආරක්ෂාව හා දකුණු චීන මුහුදු කලාපයේ සාමය මෙන්ම ස්ථාවරත්වය අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here