28 C
Colombo
Sunday, August 24, 2025

පෞද්ගලික ව්‍යවසායන් පිළිබඳ වැඩමුළුවට චීන ජනපති එක් වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා (17) දා බෙයිජිංහි පැවති පෞද්ගලික ව්‍යවසායන් පිළිබඳ වැඩමුළුවකට එක් විය. පෞද්ගලික ව්‍යවසායක ප්‍රධානීන්ගේ  අදහස් දැක්වීම්වලට සවන් දීමෙන් අනතුරුව ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් සිදු කළේය.

ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ප්‍රතිපත්තිය අනුගමනය කිරීමත් සමග පෞද්ගලික ව්‍යවසායන් ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. පෞද්ගලික ආර්ථික සංවර්ධනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයයේ හා ජාතික මූලික ප්‍රතිපත්තිචීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී ක්‍රම පද්ධතියට එක් කර ඇති බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. එම ප්‍රතිපත්ති වෙනස් නොවන අතර අඛණ්ඩව එය ක්‍රියාවට නංවනු ඇත. පෞද්ගලික ආර්ථික වර්ධනය වෙනුවෙන් විවිධ මට්ටමේ රජයන් අදාළ ප්‍රතිපත්ති දැඩි ලෙස අනුගමනය කරමින් පෞද්ගලික ව්‍යවසායන් හා ව්‍යාපාරිකයන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

නව යුගයේ නව ගමනේ පෞද්ගලික ආර්ථික සංවර්ධනයට දැවැන්ත අවස්ථා ඇති බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. ඒ අතරින් පෞද්ගලික ව්‍යවසායන් හා ව්‍යාපාරිකයන්ට සුන්දර අනාගතයක් බිහි කිරීමේ අවස්ථා  උදා කර ගත හැකි ය. විශ්වාසයයෙන් හා එකමුතුවෙන් සහිතව පෞද්ගලික ආර්ථිකය අධි ගුණාත්මකභාවයෙන් විධිමත් ලෙස ප්‍රවර්ධනය කළ යුතු ය. රටේ සංවර්ධනය හා පොදු සමෘද්ධිය වෙනුවෙන් පෞද්ගලික ව්‍යවසායන් නීත්‍යනුකූලව සිය ව්‍යාපාර වර්ධනය කරමින් චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වඩාත් දායකත්වයන්  ලබා දෙනු ඇතැයි ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here