යුක්‍රේන අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට තමා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා සමග නුදුරේදී හමු වීමට අපේක්ෂා කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි.
මෙම හමුව සිදුවන කාල වකවානුව සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේ, නිශ්චිත කාලයක් නොමැති නමුත් එය ඉතා කෙටි කලකින් සිදු වන බවයි.
යුක්‍රේන අර්බුදය කඩිනමින් නිරාකරණය කිරීම පුටින් මහතාගේ බලාපොරොත්තුවක් යැයි තමා අදහස් කරන බව පැවසූ ට්‍රම්ප් මහතා, යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy මහතා ද එවැනි අපේක්ෂාවකින් පසුවන බව සඳහන් කළේය.
දෙපාර්ශ්වයේ එකඟත්වය මත ඇමරිකානු ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක රුසියාවේ නිල සංචාරයකට එක් විය හැකි බව රුසියානු ජනපති මාධ්‍ය ලේකම් Dmitry Peskov මහතා ඊයේ(16) පැවසීය.