චීනයේ වාර්තාගත චිත්‍රපටයක් වන “Ne Zha 2″ චිත්‍රපටය 2019 වසරේ ඩිස්නි නිශ්පාදනයක් වන “The Lion King” චිත්‍රපටය අභිබවමින් ඉහළම ආදායම් ලැබූ චිත්‍රපට 10ට ඇතුළත් වෙයි. “Ne Zha 2″ චිත්‍රපටයේ ආදායම මේ වනවිට ඇමරිකා ඩොලර් බිලියන 1.67 ඉක්මවා ගොස් තිබේ.චීන නව වසර උදාවේ නිකුත් කෙරුණු එම චිත්‍රපටය මෙලෙස අති විශාල ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත්තේ දින 20ක් වැනි කෙටි කාලයක් තුළ වීම ද විශේෂත්වයකි. එම චිත්‍රපටය තැබූ තවත් වාර්තාවක් බවට පත්ව ඇත්තේ හොලිවුඩ් නිශ්පාදනයක් නොවන චිත්‍රපටයක් ලෙසට ඇමරිකා ඩොලර් බිලියනය ඉක්මවා ගිය ආදායමක් ඉපැයූ ප්‍රථම චිත්‍රපටය ද වීමය.