28.1 C
Colombo
Sunday, August 24, 2025

චීනයේ පාරිභෝගික වෙළඳපොල ප්‍රමාණාත්මක බවින් ගුණාත්මක භාවයට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ පාරිභෝගික වෙළඳපොළ “ප්‍රමාණාත්මක” බවින් “ගුණාත්මකභාවයට” පරිවර්තනය වෙමින් පවතින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි. (13)දා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, “චීනයේ සර්ප වර්ෂය සාර්ථකව ආරම්භ වී ඇත” යනුවෙන් සඳහන් Citigroup සමාගමේ වාර්තාව පිළිබඳව වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

සර්ප වර්ෂයේ වසන්ත උත්සවය අතරතුර චීනයේ පාරිභෝගික වෙළඳපොල ඉහළ ගිය බවත්චීනයේ සුපිරි විශාල පාරිභෝගික වෙළඳපොල සියලු රටවලට විශාල සහයෝගීතා අවස්ථා සපයන බවත් Guo Jiakun මහතා පැවසීය.

චීන පාරිභෝගික වෙළඳපොලේ වර්ධනයඉල්ලුම යථා තත්ත්වයට පත්වීම පමණක් නොවවිවිධ පාර්ශ්වයන් චීන ආර්ථික සංවර්ධනය කෙරෙහි දක්වන  ඉහළ විශ්වාසය ද පිළිබිඹු කෙරෙන බව Guo Jiakun මහතා පෙන්වා දුන්නේය. චීනය තමන්ගේම උසස් තත්ත්වයේ සංවර්ධනය සහ ඉහළ මට්ටමේ විවෘතභාවය තුළින් ගෝලීය ආර්ථික වර්ධනයට වැඩි විශ්වාසයක් සහ ගාමක බලයක් ලබා දෙන බව ඔහු පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here