26.1 C
Colombo
Sunday, August 24, 2025

ආසියාන් රටවල සංචාරක කණ්ඩායම් වෙත ෂි ෂුවං බැන් නා ප්‍රදේශයට වීසා රහිතව ප්‍රවේශ වීමට අවසර

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

අද (10) සිට ආසියාන් රටවල සංචාරක කණ්ඩායම් සඳහා නිරිතදිග චීනයේ යුන් නැන් ( Yunnan ) පළාතේ ෂි ෂුවං බැන් නා (Xishuangbanna )ප්‍රදේශයට වීසා රහිතව ප්‍රවේශ විය හැකි බව චීන ජාතික ආගමන පරිපාලනය නිවේදනය කරයි. මෙම නව ප්‍රතිපත්තියට අනුව මැලේසියාව, ඉන්දුනීසියාව හා තායිලන්තය ඇතුළු ආසියාන් සංවිධානයේ රටවල් 10යේ, පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සිටින සංචාරක කණ්ඩායම්වලට සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ඇතිව ෂි ෂුවං බැන් නා ප්‍රදේශයට වීසා රහිතව ඇතුළු විය හැකි ය. චීන සංචාරක ඒජන්සිවල සේවා ලබන එම කණ්ඩායම්වලට දින 6ක් ඇතුළත ෂි ෂුවං බැන් නා ප්‍රදේශයේ රැඳී සිටීමේ නිදහස ලැබේ.

             දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව සමග යුන් නැන් පළාත පවත්වන සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරීම සඳහා මෙම නව නිදහස් වීසා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව චීන ජාතික ආගමන පරිපාලනය පවසයි. එමගින් නිරිතදිග චීනයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ චීන-ආසියාන් පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සම්බන්ධතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ. 

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here