3වැනි චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය මෙම වසරේ ජූලි මාසයේ 16වැනිදා සිට 20වැනිදා දක්වා බෙයිජිං හිදී පැවැත්වීමට නියමිතයි. මෙවර ප්‍රදර්ශනයේ මුළු භූමි ප්‍රමාණය වර්ග මීටර් ලක්ෂ 1.2ක් වන අතර, මේ දක්වා සමාගම් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඊට එක් වීමට ලියාපදිංචි වී තිබේ.
උසස් නිෂ්පාදන දාමය, පිරිසිදු බලශක්ති දාමය, ස්මාර්ට් මෝටර් රථ දාමය, ඩිජිටල් තාක්ෂණ දාමය, සෞඛ්‍ය සම්පන්න ජීවන දාමය සහ හරිත කෘෂිකර්ම දාමය යන ප්‍රධාන දාම 6ක් සහ සැපයුම් දාම සේවා ප්‍රදර්ශන කලාප මෙවර ප්‍රදර්ශනයට එක් කෙරෙනු ඇත.
සැපයුම් දාමය යන තේමාව යටතේ ලොව ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රදර්ශනය ලෙස, චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය ගෝලීය වශයෙන් ප්රතිලාභ බෙදීයන ප්‍රදර්ශනයකි.