චීන ජනපති ආර්යා පෙං ලී යුවාන් මහත්මිය චීනයේ නිල සංචාරයක නිරත කිර්ගිස්ථාන ජනාධිපතිවරයාගේ ආර්යාව වන Sadyr Japarov මහත්මිය සමග තේ පිළිසඳරක නිරත වෙයි.ඊයේ ( 5) බෙයිජිං නුවරදී චීන ජනපති ආර්යාව විසින් කිර්ගිස්ථාන ජනපති ආර්යාව පිළිගනු ලැබුවාය.
චීනය හා කිර්ගිස්ථානය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බව පැවසූ චීන ජනපති ආර්යාව දෙරටේ ජනතාව නිරන්තර හුවමාරු පවත්වා ගනිමින් සමීප සබඳතාවක් ගොඩ නංවනු ඇතැයි බලාපොරොත්තු පළ කළාය. සංස්කෘතික හුවමාරු ජනතාව අතර හුවමාරුවල වැදගත් පාලමක් බව සඳහන් කළ ඇය චීන කිර්ගිස්ථාන ජනාතාව අතර හුවමාරු හා සහයෝගතා තවත් සමෘද්ධිමත් වනු ඇතැයි ද අපේක්ෂා පළ කළාය. කිර්ගිස්ථාක ජනාධිපති ආර්යාව සමාජ සත්කාර හා මහජන සුබ සාධානය වෙනුවෙන් දක්වන කැපවීම ද පෙං ලී යුවාන් මහත්මියගේ ඇගයීමට ලක්විය. කාන්තාවන්, දරුවන් සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට චීනය සහ කිර්ගිස්තානය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා පළ කළ චීන ජනපති ආර්යාව එමඟින් දෙරටේ ජනතාවට ඒකාබද්ධව ප්‍රතිලාභ සැලසෙනු ඇති බව ද පැවසුවාය.
එම පිළිසඳරේදී අදහස් දැක්වූ කිර්ගිස්ථාන ජනාධිපති ආර්යාව චීන නව වසර වෙනුවෙන් පෙං ලී යුවාන් මහත්මියට සුභාශිංසන පළ කළ අතර තමා වෙත ලබා දුන් උණුසුම පිළිගැනීමට ද චීන ජනපති ආර්යාවට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළාය. චීනය ලබා ගෙන ඇති ඉහළ ආර්ථික හා සමාජ සංවර්ධනය ඇයගේ ඇගයීමට ලක්විය. කිර්ගිස්ථාන – චීන ජනාතව අතර හුවමාරු හා සහයෝගතා සක්‍රීය අයුරින් ප්‍රවර්ධනය කරමින් දෙරටේ ජනතාව අතර හුවමාරු අඛණ්ඩව වර්ධනය කිරීමේ අභිලාෂය ද ඇය එහිදී පළ කළාය.