26.9 C
Colombo
Monday, August 25, 2025

වෙළඳ බාධා කිරීම්වලට එරෙහිව චීනයෙන් දැඩි පියවර

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව පසුගියදා ෆෙන්ටැනයිල් ගැටළුව උපුටා දක්වමින්තම රටට අපනයනය කෙරෙන චීන නිෂ්පාදන සඳහා 10% ක අතිරේක තීරුබදු වැඩිවීමක් ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් තම නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රති-පියවර ගන්නා බව චීනය ප්‍රකාශ කළේය.

2025 පෙබරවාරි 10 වන දින සිට ඇමරිකාවෙන් ආනයනය කරන ඇතැම් වෙළඳ භාණ්ඩ සඳහා අතිරේක තීරුබදු පනවන බව චීනය ඊයේ(4) ප්‍රකාශ කළේය. චීනය  ඇමරිකාවේ ක්‍රියාව පිළිබඳව ලෝක වෙළඳ සංවිධානය ට පැමිණිලි කර තිබේ.

චීනයේ ප්‍රතිපියවර ජාත්‍යන්තර නීතියට සහ ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසිවලට අනුකූල වන අතරඑහි නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනයේ අධිෂ්ඨානය ඉන් පිළිබිඹු වන බව ජාත්‍යන්තර මහජන මතයේ විශ්වාසයයි. බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය පවත්වා ගැනීම සඳහා චීනයේ එම ක්‍රියාමාර්ග ඉතා වැදගත් බව ද එහි සඳහන් වේ.

ස්වෛරී රාජ්‍යයක් ලෙසට චීනයට සංවර්ධනය සඳහා නීත්‍යනුකූල හිමිකමක් ඇත.

දේශීය පාලනයේ අසාර්ථකත්වය නිසා ඇති වූ ෆෙන්ටැනයිල් අර්බුදය ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ කරමින් දේශීය ගැටුම් වෙනතකට යොමු කිරීම සඳහා තීරුබදු භාවිත කර ඇත්තේ ඇමරිකාවයි. සත්‍ය වශයෙන්මඑය චීනයේ සංවර්ධනය සඳහා ඇති අයිතිය කුරිරු ලෙස මර්දනය කිරීමට උත්සාහ දැරීමකි.

ආරම්භයේදීම ඇමරිකාව කුපිත කිරීමට මූලිකත්වය ගත් අතරපසුව චීනය නීත්‍යනුකූලව ප්‍රතිපියවර ගෙන තිබේ. මෙය සාධාරණ පියවරකි. ඉන් ඇමරිකාවට පැහැදිලි සංඥාවක් නිකුත් කර ඇත: චීනය සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම් වූ හුවමාරු සාදරයෙන් පිළිගනී. එසේම ඒකපාර්ශ්වික සම්බාධක හෝ බලහත්කාරී ක්‍රියා යොදා ගත හොත්චීනය නිසැකවම සංවර්ධනය සඳහා තමන්ගේම අයිතිය ආරක්ෂා කරනු ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here