26.8 C
Colombo
Saturday, August 23, 2025

ගාසා තීරයේ ක්‍රියාත්මක සටන් විරාමයේ දෙවන සිරකරු හුවමාරුව සැලසුම් කළ පරිදි සිදු කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පසුගියදා ක්‍රියාවට නැංවුණු ගාසා තී‍රයේ සටන් විරාමයේ මීළඟ අදියර යටතේ නිදහස් කිරීමට නියමිත දෙවැනි සිරකරුවන් පිරිස සැලසුම් කළ පරිදි මෙම සති අන්තයේ දී හුවමාරු කිරීමට නියමිත බව කටාර් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක මජිඩ් අන්සාරි මහතා පවසයි.

නිදහස් කෙරෙන පිරිසගේ නාමාවලිය සහ අවසන් තොරතුරු පිළිබඳ නිගමනයකට පැමිණීම සඳහා අදාළ පාර්ශ්වයන් සමීපව සම්බන්ධීකරණය කරමින් සිටින බව ද හෙතෙම ඊයේ(21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. මෙම සම්බන්ධීකරණයේ ප්‍රගතිය පිළිබඳව කටාර් රාජ්‍යය සුබවාදී අදහස් පළ කරන බව එම ප්‍රකාශකයා පැවසීය.

ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එළඹ ඇති ගිවිසුම ඉකුත් 19වැනිදා උදෑසන 11:15 සිට බලාත්මක විය. ඒ අනුව ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටි පලස්තීන ජාතිකයින් 90 දෙනෙකු නිදහස් කර ඇති බව එරට බන්ධනාගාර සේවය පසුගිය 20වැනිදා ප්‍රකාශ කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here