26.8 C
Colombo
Saturday, August 23, 2025

අයුතු ලෙස සම්බාධක පැනවීම ඇමරිකාව වහාම නතර කළ යුතු බව චීනය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

සයිබර් ප්‍රහාරයක් සම්බන්ධ සැකයක් හේතුවෙන් ඇතැම් චීන සමාගම් හා පුද්ගලයන් වෙත සම්බාධක පනවන බව ඇමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පසුගිය සතියේ ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ විශ්වසනීය සාක්ෂි රහිතව පැවති Biden රජය චීනයට චෝදනා කරමින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනය  විරෝධය පළ කරන බවයි.

චීනය හා ඇමරිකාව අන්තර්ජාල ක්ෂේත්‍රයේ ප්‍රබල රටවල්ය. අන්තර්ජාල ආරක්ෂාව විශේෂයෙන් ම වැදගත් යටිතල පහසුකම් ආරක්ෂාව අතින් ද  දෙපාර්ශ්වයට සමාන අවධානය තිබේ. සමානාත්මතාව හා ‍අන්‍යෝන්‍ය ගෞරවය මත අවංක ලෙස සිය අවධානයට ලක්වන කරුණු සාකච්ඡා කළ යුතු ය. අයුතු ලෙස සම්බාධක පැනවීම ඇමරිකාව වහාම නතර කළ යුතු බව ද ‍ Mao Ning මහත්මිය අවධාරණය කළාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here