චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Shenzhou-19 කාර්ය මණ්ඩලයේ දෙවන බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සිදු කෙරේ.
Cai Xuzhe, Song Lingdong, Wang Haoze යන ගගනගාමීහූ තාක්ෂණික උපකරණ සහයෙන් ගොඩබිමේ සිටින විද්‍යා හා තාක්ෂණ කාර්ය මණ්ඩලය සමග සාමූහික ව එම මෙහෙයුම සම්පූර්ණ කළහ. අද(21) අලුයම 1ට පමණ පැය අට හමාරක කාලය පුරා ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථානය ආශ්‍රිත ව අදාළ පහසුකම් පරීක්ෂා කිරීම ඇතුළු මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලය පවසයි.ගගනගාමීන් තිදෙනා ලබන 29 වැනි දා අභ්‍යවකාශ යානයේ සිට චීනයේ සාම්ප්‍රදායික නව වසර සැමරීම විශේෂත්වයකි