2025 වසරේ චීන අභ්‍යවකාශ මෙහෙයුම් ආරම්භ කරමින්, ගගනගාමීන් සහිත සිය Shenzhou-20 හා Shenzhou-21 අභ්‍යවකාශ යානා සහ Tianzhou-9 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය දියත් කිරීමට සියල්ල සූදානම් කර ඇත. අද (20) චීනය එම මෙහෙයුම් තුනෙහි ලාංඡන එළි දැක්වීය.
කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු බැගින් ගමන් කරනු ලබන මෙම Shenzhou-20 හා Shenzhou-21 අභ්‍යවකාශ යානා, Jiuquan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දියත් කිරීමට නියමිතව තිබේ. එමෙන්ම මෙම වසරේ දෙවන භාගයේදී Wenchang අභ්‍යවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් Tianzhou-9 භාණ්ඩ ප්‍රවාහක අභ්‍යවකාශ යානය ද නිකුත් කිරීමට නියමිතය.
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීම අවසන් වීමත් සමඟ චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ මධ්‍යස්ථාන ව්‍යාපෘතිය භාවිත අදියරට පිවිස ඇත. ඒ සමඟ, වාර්ෂිකව චීනය ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානා දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානා එකක් හෝ දෙකක් දියත් කිරීමට නියමිතය.