29.7 C
Colombo
Saturday, August 23, 2025

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීම චීන ජනපති ප්‍රධානත්වයෙන්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය අද(20) රැස්වීමක් පැවැත්වූ අතර, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහි මුලසුන දැරීය.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව, රාජ්‍ය මණ්ඩලය, චීන මහජන දේශපාලන උපදේශක සභාව, මහජන ශ්‍රේෂ්ඨාධිකරණය, ශ්‍රේෂ්ඨ මහජන නීතිපති කාර්යාලය යන ආයතනවල පක්ෂ මණ්ඩලවල කාර්ය වාර්තා මෙන්ම, මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලයේ කාර්ය වාර්තාවන්ට, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුව සවන් දුන් අතර ඒවා සාකච්ඡාවට ද ලක් කළේ ය. එමෙන්ම කහ ගංගා ද්‍රෝණියේ පාරිසරික ආරක්ෂාව හා ගුණාත්මක සංවර්ධනය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාව ද  එහිදී සාකච්ඡා කෙරිණ.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව, රාජ්‍ය මණ්ඩලය, චීන මහජන දේශපාලන උපදේශක සභාව, මහජන ශ්‍රේෂ්ඨාධිකරණය,  මහජන නීතිපති කාර්යාලය යන ආයතනවල පක්ෂ මණ්ඩලවල මෙන්ම, මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලයේ 2024 වසරේ කාර්යයන් ද එම රැස්වීමේ දී පුර්ණ ලෙස සමාලෝචනය කෙරිණ. එසේම 2025 වසරේ එම ආයතනවල කාර්ය සැලැස්මට ද එහිදී එකඟතාව පළ විය. නව වසර තුළ, මෙම පක්ෂ මණ්ඩල 5 නව යුගයේ චීන ලක්ෂණ සහිත ෂී ජින් පිං මහතාගේ සමාජවාදී චින්තනය මගපෙවීමක් ලෙස ගෙන, මධ්‍යම කාරක සභාව විසින් පවරා ඇති සියලු කාර්යයන් ඉහළ මට්ටමෙන් සම්පූර්ණ කළ යුතු බව, එම රැස්වීමේ දී අවධාරණය කෙරිණ.

කහ ගංගා ද්‍රෝණියේ පළාත්වල ඒ ඒ මට්ටමේ පක්ෂ කමිටු හා ආණ්ඩු, කහ ගංගා ද්‍රෝණියේ පාරිසරික ආරක්ෂාව සහ සමමිතික රටාව වැඩිදියුණු කිරීම අඛණ්ඩව සිදු කළ යුතු ය. කහ ගඟේ සංස්කෘතිය ආරක්ෂා කිරීම, උරුම කර ගැනීම සහ ප්‍රවර්ධනය සිදු කෙරෙන අතර, සංස්කෘතික උරුමයන්හී සමස්ත හා ක්‍රමානුකූල ආරක්ෂාව ශක්තිමත් කළ යුතු බව ද , එම රැස්වීමේ දී සඳහන් කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here