29.7 C
Colombo
Saturday, August 23, 2025

සමාගම් ක්‍රියාත්මක කිරීම හා මිළදී ගැනීම් සම්බන්ධයෙන් වෙළඳපල මූලධර්ම මත පදනම්ව ක්‍රියා කළ යුතු බව චීනය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

අත්හිටුවා තිබූ TikTok සේවාව ඇමරිකාව තුළ යළි සක්‍රීය කර තිබේ. TikTok සමාගමේ සියයට 50ක හිමිකම ඇමරිකාව ලබා ගැනීමට බලාපොරොත්තු වන බව එර‍ට ජනාධිපති ධුරයට පත් ‍ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා ඇත. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ TikTok යෙදුම මෑත වසර කිහිපය තුළ ඇමරිකා ජාතිකයන්ගේ ආකර්ෂනයට ලක්ව ඇති බවයි. TikTok යෙදුම ඇමරිකාවේ රැකියා නියුක්තිය හා පරිභෝජන වර්ධනයට සක්‍රිය දායකත්වයක් ලබා දී තිබේ. විවෘත බවසාධාරණත්වයයුක්තිය හා වෙනස් ලෙස නොසැලකීම සහිත ව්‍යාපාරික පරිසරයක් ඇමරිකාව සහතික කරනු ඇතැයි චීනය අපේක්ෂා පළ කරයි. සමාගම් ක්‍රියාත්මක කිරීම හා මිළදී ගැනීම්  සම්බන්ධයෙන් වෙළඳපල මූලධර්ම මත පදනම්ව එම සමාගම් ස්වාධීන ලෙස තීරණ ගත යුතුය. එම ව්‍යාපාරික කටයුතු චීන සමාගම් හා සම්බන්ධ වන්නේ නම්චීන නීති සහ රෙගුලාසි වලට අනුකූල විය යුතු බව ද Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here