29.7 C
Colombo
Saturday, August 23, 2025

දේශසීමා හරහා සිදුවන අන්තර්ජාල අපරාධ මැඩපැවැත්වීමට චීනය සහ ආසියාන් රටවල් එක්වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මෑතකදීතායිලන්ත සහ මියන්මාර දේශසීමා ප්‍රදේශවල දරුණු අන්තර්ජාල සූදුව සහ වංචා සිද්ධීන් මාලාවක් සිදුවී ඇති අතරඒවා චීනයේ සහ අනෙකුත් රටවල පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් සහ හානියක් වන බවත්, ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකවිදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි.

ඔහු ඊයේ(16) බෙයිජිං නුවරදී ආසියාන් රටවල් 10 ක තානාපතිවරුන් හමුවෙමින් මේ බව සඳහන් කළේ ය. ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා, අදාළ රටවල් සිය වගකීම් භාරගෙනඒ සඳහා දැඩි පියවර ගනිමින්අන්තර්ජාල සූදුව සහ වංචා දැඩි ලෙස මර්දනය කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේ ය.

සියලු රටවල ජනතාවට සාමකාමී සුරක්ෂිත පරිසරයක් ලබා දීම සඳහා ආසියාන් රටවල් සමග ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික නීති බලාත්මක කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Wang Yi මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here