බයිඩන් පරිපාලනයේ සම්බාධක, බාධා කිරීම් හා මැඩ පැවැත්වීම් තුළින් චීනයේ වර්ධනය නැවැත්විය නොහැකි බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි. එවැනි පියවරයන් තුළින් සිදුවන්නේ ස්වයං යැපීම හා තාක්ෂණික නවෝත්පාදනය පිළිබඳ චීනයේ ස්වයං විශ්වාසය වර්ධනය වීම පමණි. ජාතික ආරක්ෂාවට මුවාවී බයිඩන් පරිපාලනය සිය ඉතිරි ධුර කාලය තුළදී චීනයට එරෙහි වෙළඳ සීමාවන් දැඩි කරමින් සිටී. අර්ධ සන්නායක අපනයන පාලන දැඩි කිරීම, චීනයේ අන්තර් සබැඳි වාහන මෙන්ම ඊට සම්බන්ධ දෘඩකාංග හා මෘදුකාංග ඇමරිකාව තුළ භාවිතය සීමා කිරීම ඇතුළු පියවරයන් ඊට අයත් වෙයි. තවද බයිඩන් පරිපාලනය විසින් චීනයේ හා සෙසු රටවල ඩ්‍රෝන පද්ධති පිළිබඳව තොරතුරු හා සංනිවේදන තාක්ෂණ හා සේවා පදනම්ව ආරක්ෂක සමාලෝචනයක් ආරම්භ කර තිබේ. ඒ යටතේ චීන සමාගම් රැසකට සම්බාධක පනවා ඇති අතර තවත් බොහෝ චීන ආයතන කුප්‍රකට “වෙළඳපොල ලැයිස්තුව” වෙත ඇතුළත් කර තිබේ. මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යංශය සිය දැඩි අතෘප්තිය හා විරෝධය පළ කර සිටී. බයිඩන් පරිපාලනයේ මෙම පියවර තුළින් චීන ව්යවාසයන්හී නීත්‍යනුකූල අයිතීන්ට දැඩිව හානි සිදු කර ඇති අතර වෙළඳපොල රෙගුලාසි හා ජාත්‍යන්තර වෙළඳ පටිපාටියටද හානි කර ඇත. මෙමගින් කර්මාන්ත හා සැපයුම් දාමයන්හී ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් ගෙන දෙන අතර ඇමරිකාව ඇතුළු ලොව පුරා රටවල ව්‍යාපාරයන්ට හානි සිදුවනු ඇතැයි ද චීන වාණිජ අමාත්‍යංශය සඳහන් කරයි. බොහෝ ඇමරිකානු සමාගම් හා කර්මාන්ත සංගම් මෙම පියවරයන්ට විවෘතව විරෝධව පළ කර ඇති අතර රටවල් හා කලාප රැසක් ද ඒ සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටී. මෙවැනි පියවර හුදෙක් ආර්ථික බලහත්කාරී හා දාමරික උපායන් බව චීන වාණිජ අමාත්‍යංශය පෙන්වා දෙයි. මෙය චීන ඇමරිකා ආර්ථික සබඳතාවන්ට පමණක් නොව ගෝලීය ස්ථාවරත්වය හා සංවර්ධනයට ද හානි කිරීමකි. බයිඩන් පරිපාලනයේ වෙළඳ සීමාවන්ට ප්‍රතිචාර ලෙස චීනය සිය ස්වෛරීභාවය, ආරක්ෂාව හා සංවර්ධන ප්රතිලාභ සුරැකීම වෙනුවෙන් පියවර ගනු ඇති බව ද චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කරයි.