2025 වසරේදී විවෘත ආර්ථිකය තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව චීනය පවසයි. චීන වාණිජ අමාත්‍යංශයේ නිලධාරී Li Yongjie මහත්මිය ඊයේ(15) මේ බව සඳහන් කළාය.
විදෙස් ආයෝජන සමාගම් සිය සුදුසුකම් බලපත්‍ර ලබා ගැනීමේදී, අදාළ සම්මතයන් සකස් කිරීමේදී මෙන්ම රජයේ ප්‍රතිසම්පාදනය සම්බන්ධව පවතින ගැටළු විසඳීමට කටයුතු කරන බව ඇය කියාසිටියාය.
උසස් මටට්මේ විවෘත ආර්ථික වේදිකා නිර්මාණය කිරීමට ප්‍රයත්න දැරිය යුතු අතර එය ජාත්‍යන්තර ආර්ථික සහ වෙළඳ නිතීන්ට අනුකූල විය යුතු බව ද ඇය පැවසුවාය. එමෙන්ම රට තුළ නියමු නිදහස් වෙළඳ කලාපවල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කළ යුතු බව ද Li Yongjie මහත්මිය වැඩිදුරටත් අවධාරණය කර ඇත.