30.8 C
Colombo
Saturday, August 23, 2025

දකුණු කොරියානු ජනාධිපති Yoon Suk-yeol අත්අඩංගුවට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

දකුණු කොරියානු වෙලාවෙන් අද(15) පෙරවරු 10.30ට පමණ දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති Yoon Suk-yeol අත්අඩංගුවට ගත් බව දකුණු කොරියාවේ ඉහළ පෙළේ නිලධාරීන් සඳහා වූ දූෂණ විමර්ශන කාර්යාලය(CIO) ප්‍රකාශ කළේය.දකුණු කොරියානු ඉතිහාසයේ ධුරයේ කටයුතු කරන ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

එරට අදාළ නීතිවලට අනුව, Yoon Suk-yeol අත්අඩංගුවට ගැනීමෙන් පසු අදාළ කාර්යාලයට පැය 48ක කාලයක් පමණක් විමර්ශන ක්‍රියාත්මක කළ හැකිය. ඉන් පසුව යළි අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් අවශ්‍ය වේ. අදාළ අත්අඩංගුවට ගැනීමේ කාල සීමාව උපරිම වශයෙන් දින 20ක් දක්වා දීර්ඝ කළ හැකි ය. එවන් නියෝගයක් නොගතහොත් එම කාර්යාලය Yoon Suk-yeol නිදහස් කළ යුතුය. Yoon Suk-yeol දූෂණ විමර්ශන කාර්යාලයට පිටත් වීමෙන් පසු ඊට පෙර සූදානම් කළ ජාතිය අමතන කතාවක් ද මාධ්‍ය වෙත නිකුත් කර ඇත.ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා විමර්ශන කාර්යාලයේ ක්‍රියාපටිපාටිය නිතීවිරෝධී වුවද ඊට පැමිණීමට තමන් තීරණය කළ බව හෙතෙම සඳහන් කළේය. එහෙත් එමගින් හෙතෙම එම විමර්ශන නීත්‍යනුකූල බව පිළි නොගත් බවද එහිදී අවධාරණය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here