30.8 C
Colombo
Saturday, August 23, 2025

ගෝලීය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා රුසියානු-චීන සබඳතා වැදගත් සාධකයක්- රුසියානු විදේශ අමාත්‍ය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා ඊයේ(14) මොස්කව්හි පැවති වාර්ෂික මාධ්‍ය හමුවේදී කියා සිටියේ ගෝලීය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා රුසියානු-චීන සබඳතා වැදගත් සාධකයක් බවයි.

වත්මන් ජාත්‍යන්තර තත්ත්වය කැළඹිලි සහිත බවත්ඇමරිකාව සහ අනෙකුත් නේටෝ රටවල් යුරෝපයආසියා-පැසිෆික්මැදපෙරදිග සහ අප්‍රිකාව යන ප්‍රදේශවල අවුල් සහගත තත්ත්වයක් ඇති කරමින් සිටින බව Lavrov මහතා වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එහිදී පැවසුවේ ය.

රුසියාව සහ චීනය ෂැංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය වැනි ජාත්‍යන්තර සහයෝගිතා යාන්ත්‍රණ සංවර්ධනය සක්‍රීයව ප්‍රවර්ධනය කරන අතර “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සහ යුරේසියානු ආර්ථික සංගමය සමග සහයෝගීතා ශක්තිමත් කරමින් සිටී. මේ සඳහා සුවිශේෂ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

සියලු පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට ගරු කිරීමේ පදනම මතඇමරිකාව සහ අනෙකුත් බටහිර රටවල් ඇතුළු ලෝකයේ රටවල් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට රුසියාව සහ චීනය සෑමවිටම කැපවී සිටින බවත්,  ලෝක ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා රුසියානු-චීන සබඳතා වැදගත් සාධකයක් වන බවත් Lavrov මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here