30.8 C
Colombo
Saturday, August 23, 2025

චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජිකඑම පක්ෂයේ විදේශ කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ වං යී මහතා ඊයේ(14) වෙන් වෙන් ව ජපාන පාලක පක්ෂ නියෝජිත කණ්ඩායම හා වියට්නාම ස්ථාවර උප විදේශ ඇමති Nguyen Minh Vu මහතා හමු විය.

ජපාන පාලක පක්ෂ නියෝජිත කණ්ඩායම හමු වූ අවස්ථාවේදී වං යී මහතා පැවසුවේ පසුගිය නොවැම්බර් මස චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ජපන් අග්‍රාමාත්‍ය Ishiba Shigeru මහතා හමුවූ අවස්ථාවේදී නව යුගයේ ඉල්ලුමට ගැළපෙන ස්ථීර මෙන්ම අර්ථාන්විත චීන ජපාන සබඳතාව පිළිබඳ වැදගත් එකඟතාවන්ට පැමිණි බවයි. වර්තමානයේ දෙරටේ සබඳතා සංවර්ධනය වැදගත් අවස්ථාවට මුහුණ දී ඇත. චීනය සමග දෙරටේ නායකයන්ගේ එකඟතාව ක්‍රියාවට නංවමින් පාලක පක්ෂ අතර සංවාද ශක්තිමත් කරමින් විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා ඉදිරියට ගෙන යාමට ජපානය කැමැත්තෙන් සිටින බව ජපාන පාර්ශ්වය එහිදී කියා සිටියේය.

මේ අතර Nguyen Minh Vu මහතා සමග පැවති හමුවේදී වං යී මහතා  පැවසුවේ මෙම වසරචීන වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 75 වැනි සංවත්සරය මෙන්ම මානව හුවමාරු වසර බවට පත් වන බවයි. වියට්නාමය සමග උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කරමින් අන්‍යෝන්‍ය වාසි සහගත සහයෝගිතා පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටී. ඉන් පොදු ඉරණමක් සහිත චීන වියට්නාම හවුල ඉහළ මට්ටමකට ගෙන යන බව වං යී මහතා අවධාරණය කළේය. චීනය සමග පවතින  සබඳතාවට ප්‍රමුඛ උපායමාර්ගික වැදගත්කමක් ලබාදෙන වියට්නාමය පොදු ඉරණමක් සහිත චීන වියට්නාම හවුල ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව Nguyen Minh Vu මහතා එහිදී පෙන්වා දුන්නේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here