30.8 C
Colombo
Saturday, August 23, 2025

චීන විදේශ ඇමතිගේ වාර්ෂික පළමු සංචාරයේ සාර්ථකත්වය පිළිබඳව චීනයෙන් අදහස්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පසුගිය 5 වැනිදා සිට 11 වැනිදා දක්වා චීන විදේශ අමාත්‍ය වං යී මහතා‍ නිරත වූ අප්‍රිකානු නිල සංචාරය, දෙපාර්ශ්වයේ සර්වකාලීන මිත්‍රත්වය ගැඹුරු ‍කිරීමට සමත් වී ඇති බව චීනය පවසයි.

අඛණ්ඩව වසර 35 ක් පුරා චීන විදේශ අමාත්‍යවරයා වාර්ෂිකව සිදුකරන ප්‍රථම නිල විදේශ සංචාරයේ ගමනාන්තය අප්‍රිකාවයි. එම සාම්ප්‍රදාය තහවුරු කරමින් පැවැත් වූ මෙවර නිල සංචාරය ද සාර්ථක වූ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

2024 චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ නවීකරණය ඒකාබද්ධව ඉදිරියට ගෙන යාම සඳහාවූ “නවීකරණ අංග හය” සහ “හවුල්කාරී ‍මෙහෙයුම් දහය” දෙපාර්ශ්වය එක්ව ප්‍රවර්ධනය කිරීමට අදාළ නව එකඟතාවන් හා ජයග්‍රහණයන් මෙම නිල සංචාරයේ දී අත්පත් කර ගත් බව ද ඔහු පෙන්වා දුන්නේය. චීනය සහ අප්‍රිකාව අත්වැල් බැඳ වත්මන් ලෝකයේ සිදු වන විශාල වෙනස්කම්වලට මුහුණ දීමේ අධිෂ්ඨානය ඉන් මනාව පිළිබිඹු වන බව ද සඳහන් කෙරිණ.

ඉදිරි පෙළ ගමන් කරන චීන-අප්‍රිකා සබඳතාව පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ මනා ආදර්ශයක් බවට පත් වනු ඇතැයි Guo Jiakun මහතා පෙන්වා දුන්නේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here