ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ නිල සංචාරයකට සූදානම් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවට අනුව, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද(10) සඳහන් කළාය.