මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධන අනුපාතය 2.8%ක මට්ටමක පවතිනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක දැක්වෙයි.
මෙම අගය ඉකුත් 2024 වසරේ පැවති එම අගය හා සමාන වීමකි. ගෝලීය ආර්ථිකය වර්ධන වේගය එලෙස ප්‍රබල නම්‍යශීලිත්වයත් පෙන්නුම් කළ ද නව කොරෝනා වසංගතය හට ගැනීමට පෙර තිබූ 3.2%ක දළ වර්ධන අගයට සාපේක්ෂ ව එය තවමත් අඩුවීමක් පෙන්නුම් කරයි. ආයෝජන දුර්වල වීම, නිෂ්පාද ධාරිතාවේ පසුගාමී වර්ධනය මෙන් ම ඉහළ ණය ඊට හේතු වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ(09) නිකුත් කළ ‘2025 වසරේ ලෝක ආර්ථික ප්‍රවණතාව හා අපේක්ෂාව’ යන වාර්තාවේ මේ බව සඳහන් වෙයි.
ඒ අනුව, උද්ධමනය අවම මට්ටමක පැවතීම සහ ආර්ථික ඒකකයන් රැසක පුළුල් මූල්‍ය ප්‍රතිපත්තීන් පැවතීම මගින් මෙම වසරේ ගෝලීය ආර්ථික ක්‍රියාකාරීත්වය යම් දුරකට ස්ථාවර වීමේ ඉඩකඩ තිබේ. කෙසේවෙතත්, භූ දේශපාලන ගැටුම්, වෙළඳ ආරවුල් ඇතුළු අභියෝග, අවම ආදායම් සහිත මෙන්ම ආර්ථිකමය වශයෙන් දුර්වල මට්ටමේ රටවලට ප්‍රබල බලපෑම් එල්ල කරනු ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.