28.2 C
Colombo
Saturday, August 23, 2025

ඉන්දුනීසියාව BRICS සංවිධානය හා එක් වීම චීනය පිළිගනී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

සංවර්ධනය වෙමින් පවතින දැවැන්ත රටක් මෙන්ම ගෝලීය දකුණේ වැදගත් බලවේගයක් ද වන ඉන්දුනීසියාව, BRICS + සහයෝගීතාව සමඟින් සක්‍රිය ලෙස එක්ව තිබේ.

ඒ අනුව ඉන්දුනීසි‍යාව BRICS හි නිල සාමාජික රටක් බවට පත් වීම චීනය සාදරයෙන් පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා ඊයේ (06) නිල වශයෙන් පැවසීය.

එලෙස BRICS සමඟින් ඉන්දුනීසියාව එක් වීම BRICS රටවල් හා ගෝලීය දකුණේ රටවල පොදු ප්‍රතිලාභ සඳහා වඩා යෝග්‍ය බවත්ඉන් BRICS ක්‍රියාකාරීත්වයේ සංවර්ධනයට මනා දායකත්වයක් වන බවත් හෙතෙම පෙන්වා දී ඇත.

එබැවින් ඉන්දුනීසියාව සහ සෙසු BRICS රටවල් සමඟ වඩාත් විස්තීරණ බවසමීප බවප්‍රායෝගික බව මෙන්ම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩ නැඟී‍ම ප්‍රවර්ධනයට දැවැන්ත දායකත්වයක් දැක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here