28.2 C
Colombo
Saturday, August 23, 2025

දූෂණ විරෝධී මාවතේ නොපසුබටව ගමන් කළ යුතු බව චීන ජනපති පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, චීන ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි විනය පරීක්ෂණ පිළිබඳ මධ්‍යම කොමිසමේ සිව්වැනි පූර්ණ සැසිවාරයට එක් වෙමින් වැදගත් දේශනයක් පවත්වයි.

නව යුගයේ සිට, පක්ෂයේ විස්තීර්ණ සහ විනයානුකූල පාලනයක් හා දූෂණ විරෝධී කාර්යයන් ප්‍රවර්ධනය කිරීමට ගත් උත්සාහයන් පෙර නොවූ විරූ අතර, එහි ප්‍රතිඵල කැපී පෙනෙන බව ෂී ජින් පිං මහතා  (6) දා පැවති එම සැසිවාරයේදී අවධාරණය කළේය.

දූෂණ විරෝධී මාවතේ නොපසුබටව ගමන් කළ යුතු අතරදූෂණ සිදු කිරීමට බිය වනඒ සඳහා කිසිදු ඉඩක් නොමැති සහ ඒ පිළිබඳ අභිප්‍රායක් නොමැති සංස්කෘතියක් පක්ෂය තුළ බිහි කළ යුතු බව ඔහු කියාසිටියේය.  දූෂණයට එරෙහි සටන අසීරු මෙන්මදිගුකාලීනව සිදු කළ හැකි නමුත් එය සම්පූර්ණයෙන් ජය ගැනීමට අධිෂ්ඨාන කර ගත යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

දූෂණය යන්න පක්ෂය මුහුණ පා ඇති විශාලතම තර්ජනයයි. දූෂණ විරෝධය ප්‍රමුඛතම ස්වයං විප්ලවය යි. වර්තමානයේ දූෂණ විරෝධී සටන තවමත් අභියෝගාත්මක තත්ත්වයක පවතී. ඒ හේතුවෙන් දූෂණ විරෝධී සටන නොසැලෙන සේ ඉදිරියට මෙහෙයවිය යුතුය. ඕනෑම කම්පනයක්, මෘදු ස්වභාවයක් හෝ අත්හැරීමක්, විනාශකාරී වරදකට තුඩු දිය හැකිය.

පක්ෂයේ විනය සංවර්ධනය ශක්තිමත් කිරීම නිත්‍ය කටයුත්තක් ලෙස සැලකිය යුතුය. විනයානුකූලව පක්ෂ සාමාජිකයින් හා නිලධාරීන් පාලනය කිරීමේ සිට ඔවුන් ස්වයං හික්මීමෙන් ස්වයං ලෙස පාලනය වීම දක්වා පෙළඹවිය යුතුය. ස්වයං විනය සංවර්ධනය, ස්වයං දැනුවත්භාවයෙන් තොර හැසිරීම් නිර්ණායක බවට පත් වීම සඳහා මෙහෙයවිය යුතුය.

ශූන්‍ය ඉවසීමෙන් යුතුව දූෂණය සැලකිය යුතුය. වරප්‍රසාද මූලික වශයෙන් වළක්වා ගැනීමට, පක්ෂ සාමාජිකයන් හා නිලධාරීන් පෙළඹවිය යුතුය. දූෂණ ක්‍රියාකාරකම් වෙත අධික පීඩනයක් යොමු කරමින් වැදගත් කරුණු, වැදගත් ක්ෂේත්‍ර හා වැදගත් පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතුය. මෙහිදී අල්ලස් හා දූෂණ ‍සමකාලීනව විමසමින් පද්ධතිමය දූෂණ අවදානම අග සිට මුල දක්වාම තුරන් කළ යුතු බව ද ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මේ අතර විනය පරීක්ෂණ හා අධීක්ෂණ කටයුතු පිළිබඳ ‍ප්‍රමිතිකරණ හා නීතිමය සංවර්ධනය ශක්තිමත් කරමින් අදාළ කාර්යමණ්ඩලයේ නිසි ආචාර ධර්ම සංග්‍රහය ක්‍රියාත්මක කිරීමේ හා දූෂණයට විරෝධී වීමේ හැකියාව අඛණ්ඩව ඉහළ නැංවිය යුතුය. එසේම පක්ෂපාතී, පිරිසිදු, වගකීමක් සහිත, සටන් කිරීමට බිය නොවන, විනය පරීක්ෂණ හා අධීක්ෂණ ‘බලකායක්’ නිර්මාණය කළ  යුතු යැයි ද ඔහු එම සැසිවාරයේදී අවධාරණය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here