28.2 C
Colombo
Friday, August 22, 2025

චීන මාධ්‍ය සමූහය, 2024 වසරේ වැඩිම අවධානයට ලක් වූ දෙස් විදෙස් ප්‍රවෘත්ති 10 ලැයිස්තුව නිකුත් කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මාධ්‍ය සමූහය2024 වසරේ වැඩිම අවධානයට ලක් වූ දෙස් විදෙස් ප්‍රවෘත්ති 10 ලැයිස්තුව නිකුත් කර ඇත.

ඒ අනුව වැඩිම අවධානය යොමු වූ දේශීය ප්‍රවෘත්ති 10 මෙසේ ය.

1 චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 3වන පූර්ණ සැසිවාරයේ ප්‍රතිසංස්කරණ තවදුරටත් සම්පූර්ණ හා ගැඹුරු ලෙස ක්‍රියාත්මක කරමින් චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික විධි විධාන සලසයි.

2 චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75වන සංවත්සරය සැමරීම සඳහා අදාළ ක්‍රියාකාරකම් මාලාවක් උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඒ පිළිබඳව වැදගත් දේශනයක් පවත්වයි.

3 චීන කොමියුනිස්ට් පක්ෂය, පක්ෂයේ විනය පිළිබඳ අධ්‍යයනය හා අධ්‍යාපනය පවත්වයි. දැඩි විනය අනුගමනය කිරීමෙන් පක්ෂය ශක්තිමත් හා බලවත් වෙයි.

4 චීනය ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරයි. වාර්ෂික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා ප්‍රධාන අපේක්ෂිත ඉලක්ක සපුරා ගනී.

5 චීනයේ 2024 වසරේ සමස්ත ධාන්‍ය අස්වැන්න ටොන් කෝටි 70.65ක් වේ. එය ටොන් කෝටි 70 ඉක්මවා යා‍මේ ප්‍රථම වතාවයි.

6 මැකව් විශේෂ පරිපාලන කලාපය චීනයට ආපසු එක් වීමේ 25වැනි සංවත්සරය සනිටුහන් කරයි. එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය අඛණ්ඩ හා ස්ථාවරව පවත්වාගෙන යයි.

7 චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුව සාර්ථකව පැවැත්වේ.

8 නිෂ්පාදන කර්මාන්ත‍යේ විදේශ ආයෝජන සඳහා පනවා තිබූ සීමාවන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම යනාදී විධිවිධාන මාලාවක් ක්‍රියාත්මක කෙරේ.

9 චීනයේ Chang’e-6 අභ්‍යවකාශ ගවේෂණ යානය ස‍ඳෙහි ඈත ප්‍රදේශයේ සාම්පල එකතු කිරීමට සමත් වේ. සාගර කලාපය හරහා ඉදි කෙරුණු Shenzhen-Zhongshan අධිවේගී මාර්ගය සම්පූර්ණ කර ගමනාගමනය සඳහා විවෘත කෙ‍රේ. ඇන්ටාක්ටිකාවේ Qinling විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත වේ. චීනයේ නිෂ්පාදිත නව බලශක්ති වාහන සංඛ්‍යාව කෝටිය ඉක්මවයි..

10 චීන වසන්ත උත්සවය යුනෙස්කෝ සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරේ. චීනයේ සමස්ත ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුමයන් සංඛ්‍යාව ලොව පළමු ස්ථානයට පත් වේ.

 

වැඩිම අවධානය යොමු වූ විදේශීය ප්‍රවෘත්ති 10 මෙසේ ය.

චීන රාජ්‍ය නායකයාගේ රාජ්‍යතාන්ත්‍රිකත්වය සාමකාමී සංවර්ධනය සහ ජයග්‍රාහී සහයෝගීතාවය සඳහා යුගයේ ප්‍රවණතාවය මෙහෙයවයි.

2 පලස්තීන-ඊශ්‍රායල ගැටුම ඉන් පිටත රාජ්‍යයන් වෙත පැතිර යාමෙන් කලාපීය කැලඹීම තීව්‍ර කරයි. සිරියානු පාලන තන්ත්‍රය වෙනස් වේ.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම දින දහසකට වැඩි කාලයක් පවතී. යුක්රේනයට බටහිර ආධාර වැඩි කිරීමෙන් ගැටුම් උත්සන්න වීමේ අවදානම වැඩි කරයි.

4 ඇමරිකානු ජනාධිපතිවරණය විශාල වියදම් සහිත දේශපාලනිකව ධ්‍රැවීකරණය වූ මැතිවරණයක් බවට පත් වේ.

5 යුරෝපා සංගමයේ ආර්ථික ප්‍රකෘතිය දුර්වල වේ.

6 ලෝක ආර්ථිකය ක්‍රමයෙන් වර්ධනය වන නමුත් අභියෝගවලට මුහුණ දෙන අතර ලෝක ආර්ථික සංවර්ධනය සඳහා චීන ආර්ථිකය වැදගත් එන්ජිමක් වශයෙන් ක්‍රියා කරයි.

7 කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වේගවත්ව වර්ධනය වේ. ජගත් ප්‍රජාව එහි පාලනය සහ අධීක්ෂණය කෙරෙහි අවධානය යොමු කරයි.

8 දකුණු කොරියාව පැය 6ක යුද නීතිය ප්‍රකාශ කිරීම ක්‍රියාත්මක කරයි. Yoon Seok-youl දකුණු කොරියානු ඉතිහාසයේ දෝෂාභියෝගයට ලක් තුන්වැනි ජනාධිපතිවරයා බවට පත් වේ.

9 2024 වසර නැවතත් වාර්තාගත ලෙසින් උණුසුම අධිකතම වසර වනු ඇත.

10 33 වැනි ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැරිසියේ දී පැවැත්වේ. චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදේශ රටවල ඔලිම්පික් උළෙලයන්හි දී අති විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනී.

ගෝලීය පරිපාලනය ප්‍රශස්ත කිරීම වෙනුවෙන් චීනයේ විසඳුම
ගෝලීය පරිපාලනය ප්‍රශස්ත කිරීම වෙනුවෙන් චීනයේ විසඳුම

30-Dec-2024

ගෝලීය අර්බුද රැසක් හමුවේත්, චීන ‍ආර්ථිකය ලොව රටවල් අතර දෙවැනි තැනට
ගෝලීය අර්බුද රැසක් හමුවේත්, චීන ‍ආර්ථිකය ලොව රටවල් අතර දෙවැනි තැනට

28-Dec-2024

ඇමරිකානු උපාය මාර්ගයන්ට හසුව සිටින පිලිපීනය
ඇමරිකානු උපාය මාර්ගයන්ට හසුව සිටින පිලිපීනය

26-Dec-2024

නිරතුරු ජනතාවගේ සැප දුක විමසන චීන ජනපති
නිරතුරු ජනතාවගේ සැප දුක විමසන චීන ජනපති
චීන-විදේශීය ජනතාව අතර මිත්‍රත්වය අඛණ්ඩව ශක්තිමත් කරන චීන ජනපතිගේ අපේක්ෂාව
ජගත් පාලනයට පෙනී සිටින ‘ගෝලීය දකුණු
- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here