27.7 C
Colombo
Friday, August 22, 2025

2024 වසරේ චීනයේ වාර්ෂික ධාන්‍ය මිලදී ගැනීමේ පරිමාව කිලෝග්‍රෑම් බිලියන 420 ඉක්මවනු ඇතැයි අපේක්ෂා

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජාතික ධාන්‍ය හා ද්‍රව්‍ය සංචිත කාර්යාංශය ඊයේ(26) නිකුත් කළ නවතම දත්තවලට අනුව, 2024 වසරේ වාර්ෂික ධාන්‍ය මිලදී ගැනීමේ පරිමාව කිලෝග්‍රෑම් බිලියන 400 ඉක්මවා ඇති අතර එය කිලෝග්‍රෑම් බිලියන 420 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. චීනයේ ආහාර සුරක්ෂිතභාවය අඛණ්ඩව වැඩිදියුණු වෙමින් පවතින බව මින් පෙන්නුම් කරයි.

2024 වසරේදී චීනයේ සමස්ත ධාන්‍ය නිෂ්පාදනය කිලෝග්‍රෑම් බිලියන 707.5 ක් වන අතරඑය පෙර වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් බිලියන 11.09 කින් එනම් සියයට 1.6කින් වැඩි වී තිබේ. මෙම සංඛ්‍යාව කිලෝග්‍රෑම් ට්‍රිලියන 0.7 ඉක්මවා ගිය පළමු අවස්ථාවයි. චීනයේ ධාන්‍ය නිෂ්පාදනය නව මට්ටමකට පැමිණ ඇති බව මෙමගින් සනිටුහන් කෙරේ. මෙම වසරේ ධාන්‍ය මිලදී ගැනීමේ පරිමාව කිලෝග්‍රෑම් බිලියන 420ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙම දත්ත අඛණ්ඩව වසර දෙකක් තිස්සේ කිලෝග්‍රෑම් බිලියන 400 කට වැඩි ප්‍රමාණයක් සටහන් කරමින් ස්ථාවර වී ඇති බව ද චීන ජාතික ආහාර හා උපායමාර්ගික සංචිත පරිපාලනයේ ධාන්‍ය සංචිත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Luo Shouquan මහතා පැවසුවේ ය.

එමෙන්ම මේ වනවිට නව කන්නයේ සරත් සෘතුවේ ධාන්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් බිලියන185 ඉක්මවා ඇති අතරඑය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 10කින් වර්ධනය වී ඇත. ඒ අතරින් සහල් කිලෝග්‍රෑම් බිලියන 10කට වැඩි ප්‍රමාණයක් අවම ගැනුම් මිලකට මිලදී ගෙන ඇති අතර එමගින් ධාන්‍ය අලෙවියේදී ගොවීන්ගේ අවශ්‍යතා ද හොඳින් සපුරාලමින් වෙළඳපොළේ අපේක්ෂාවන්  ද ස්ථාවර කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here